රාජපක්ෂ පවුල අමාත්‍යංශ 08ක ආයතන 139ක් බෙදාගනී – ප්‍රබලයන් රැසක් කලකිරීමෙන්.. අමාත්‍යංශ බහුතරයක් බෝඩ් ලෑල්ලට සීමාවේ – ඇමතිකම් බෙදිල්ලේ තිත්ත ඇත්ත මෙන්න.!
අද (12) දිනයේ කැබිනට් අමාත්‍යවරුන් 26 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 39 දෙනෙකු දුන් අතර ඒ අතරට රජපක්ෂ පවුලේ සාමාජිකයින් පසු දෙනෙකු වු අතර ඔවුන් අතර වැදගත් අමාත්‍යංශ 08ක් සහ ඊට අයත් ආයතන 139ත් අයත්වේ. මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් අමාත්‍යංශ තුනක් (මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය) සහ චමල් රාජපක්ෂ මහතාට කැබිනට් අමාත්‍යධුරයක් මෙන්ම රාජ්‍ය අමාත්‍යධුරයක්ද ලැබී තිබේ.
මෙවර බොහෝ කැබිනට් අමාත්‍යංශ නමට පමණක් පවතින අතර ඒවාට අයත් ආයතන හා බලතල රැසක් කප්පාදු කර තිබීම විශේෂත්වයකි. සමහර අමාත්‍යවරු සදහා එකදු ආයතනයක් හෝ ගැසට් කර නොතිබීමද විශේෂයෙන් කැපීපෙනේ.
පසුගිය වකවානුවේ ඒකාබද්ධ විපක්ෂය තුල හා පොදුජන පෙරමුණ තුල කැපීපෙනන කාර්යභාරයක් ඉටුකල ඇමතිවරු රැසකට අමාත්‍යධුරයක් හෝ මෙවර ලබානොදීමත් අමාත්‍යධුර ලද අයගේ අමාත්‍යංශ බලතල නැති බෝඩ් ලෑල්ලට පමණක් සීමාවී තිබීමත් හේතුකොටගෙන ප්‍රබලයින් රැසක් අමාත්‍යංශ වල දිවුරුම්දීමෙන් අනතුරුව දැඩි කලකිරීමට පත්ව ඇති බවද වාර්තාවේ.
මේ අතර කැබිනට් අමාත්‍යධුරයක් බලාපොරොත්තුවෙන් සිටි විජයදාස රාපක්ෂ මහතා අද පැවැති අමාත්‍ය මණ්ඩල දිව්රුම් දීමේ උත්සවයටද සහභාගීවීම ප්‍රතික්ෂේප කර තිබේ.
රාජපක්ෂ පවුලට අයත් අමාත්‍යංශ අතර ආයතන බෙදාගෙන තිබූ ආකාරය පහද දැක්වේ.
01.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – ආරක්ෂක අමාත්‍ය – ආයතන 23යි.
02.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ – මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය – ආයතන 85යි.
03. චමල් රාජපක්ෂ – වාරිමාර්ග අමාත් – ආයතන 05යි.
04. නාමල් රාජපක්ෂ – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය – ආයතන 08යි.
05. චමල් රාජපක්ෂ – අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය – ආයතන 12යි.
06, ශෂීන්ද්‍ර රාජපක්ෂ – වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය – ආයතන 06යි. ඒ අනුව රාජපක්ෂ පවුල වෙත ලැබී ඇති මුළු ආයතන ප්‍රමාණය 139ක්වේ.
මෙහිදී මීට පෙර කැබිනට් ඇමතිවරුන්ට අයත්ව තිබූ ආයතන රැසක් මෙවර රාජපක්ෂ පවුලේ සාමාජිකයින්ට සහ ඔවුන්ට හිතවත් කණ්ඩායම අතර බෙදාගෙන තිබීම විශේෂයෙන් කැපී පෙනේ. ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට එක ආයතනයක් (මාර්ග සංවර්ධන අධිකාරිය) , වාසුදේව නානායක්කාර අමාත්‍යවරයාට එක ආයතනයක් (ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය) , සී.බී.රත්නායක – වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍යවරයාට එක ආයතනයක් (රාජ්‍ය දැව සංස්ථාව) , ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය ආයතන 02ක් (ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, නෝර්ත් සී ලිමිටඩ්) ආදී වශයෙන් රාජ්‍ය ආයතන ලබාදී තිබේ.
මීට අමතරව ඩලස් අලහප්පෙරුමට ආයතන 04ක්, ගාමිණී ලොකුගේට ආයතන 03ක්, මහින්ද අමරවිරට ආයතන 03ක්, මහින්දානන්ද අලුත්ගමගේට ආයතන 04ක් . එස්.එම් චන්ද්‍රෙස්නට ආයතන 05ක් ,උදය ගම්මන්පිලට ආයතන 04ක් .රෝහික අබේගුණවර්ධනට ආයතන 03ක් ආදී වශයෙන් සීමිත ආයතන ප්‍රමාණයක් ලබාදෙමින් එම අමාත්‍යංශ වල සැලකිය යුතු බලතල ප්‍රමාණයක් මෙවර කප්පාදුකර තිබීම කැපීපෙනේ.
මෙසේ කැබිනට් අමාත්‍යවරුන්ගේ බලතල හා ආයකන කප්පාදු කරන අතරම රාජපක්ෂ පවුලට හිතවත් අය සදහා වැඩි ආයතන ප්‍රමාණයක් ලබාදීමද මෙවර ඇමතිධුර පිරිනැවීමේදී දැකිය හැකි විශේෂ සිදුවීමකි. ඒ අතර ජනාධිපතිවරයාගේ නීතීඥයා වන අලි සබ්රී වෙත අධිකරණ අමාත්‍යධුරය සමගින් රාජ්‍ය ආයතන 17ක් පිරනමා තිබේ. මීට අමතරව වෛද්‍ය සීතා අරඹේපොල , අජිත් නිවාඩ් කබ්රාල් , නාලක ගොඩහේවා, සරත් විජේසේකර ආදී වශයෙන් ජනාධිපතිවරයාට හිතවත් පිරිස් වෙත වැඩි ආයතන ප්‍රමාණයක් ලබාදීමද පෙනෙන්නට තිබේ.
තවත් කැපී පෙනන සිදුවීමක් වන්නේ සමහර අමාත්‍යංශ වෙත කිසිදු රාජ්‍ය ආයතනයක් අයත් නොවීම හා ඒවා නමට පමණක් අමාත්‍යංශයක් වු බෝඩ් ලෑල්ලකට සීමාවීමයි. උදාහරණයක් ලෙස විමල් වීරවංශ අමාත්‍යවරයාගේ පක්ෂයේ ජයන්ත සමරවීර වෙත පිරනමා ඇති ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය සදහා කිසිදු රාජ්‍ය ආයතනයක් ගැසට්කර නොමැත.
මීට අමතරව රාජ්‍ය අමාත්‍යධුර පිරිනැමිමේදී පොල්, කිතුල්, තල් හා රබර්වගා ප්‍රවර්ධන , උක්, කජු, බඩඉරිගු, ගම්මිරිස්, කුරුදු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග , අලිවැට හා අගල් ඉදිකිරීම , වේවැල්, පිත්තල, මැටි, ලී බඩු කර්මාන්ත , කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත , වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් ආදී වශයෙන් වර්ගීකරණය කරමින් විෂ්‍යපථයන් කුඩා කේෂ්ත්‍ර සදහා වෙන්කර තිබීමද කැපීපෙනේ.
01.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – ආරක්ෂක අමාත්‍ය

02.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ – මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය




03.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ – බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය

04.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ – නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය

05. චමල් රාජපක්ෂ – වාරිමාර්ග අමාත්‍ය

06. නාමල් රාජපක්ෂ – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය

07 – චමල් රාජපක්ෂ – අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය – ආයතන 12යි.
08 – ශෂීන්ද්‍ර රාජපක්ෂ – වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය – ආයතන 06යි.