ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

සම්පායෝට දුම්බර බන්ධනාගාරයේදී සුපිරි සැප..! ගෝඨා පත්කල අලුත් කොමසාරිස් උපුල්දෙනියත් පරණ පාරේම

දුම්බර බන්ධනාගාරයේ නව ගොඩනැගිල්ලෙහි රඳවා සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝගේ සිරිමැදිරිය වී තිබෙන්නේ බන්ධනාගාර නිලධාරීන්ගේ කාමරයක් බව පැවසෙනවා.

සාමාන්‍ය සිරකරුවන්ට නොලැබෙන මෙම වරප්‍රසාදය සම්පායෝට ලැබී තිබෙන්නේ ඔහු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරියෙක්වීම සහ පොදුජන පෙරමුණේ ඉහල දේශපාලනඥයින්ගේ ආශිර්වාදය ලැබෙන බැවිනි.

එමෙන්ම සැකකාර සම්පායෝ දුම්බර බන්ධනාගාරයට ගෙනගිය අවස්ථාවේ ඔහුගේ ගමන් මල්ලෙහි තිබී ජංගම දුරකථන චාජරයක් සොයාගැනීමට ද එහි නිලධාරියෙක් සමත් වුණා.

එලෙස සම්පායෝගේ ගමන් මල්ල පරීක්ෂා කිරීම ගැන උරණ වූ උසස් නිලධාරියකු අදාළ බන්ධනාගාර නිලධාරියාට දෝෂාරෝපණය කර ඇති බවද වාර්තා වනවා.

මේ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගෙන් කළ විමසුමකදී ඔහු ප්‍රකාශ කළේ නිරෝධායනයට යොමු කළ රැඳවූවන් වෙනම රඳවා සිටින නමුත් සම්පායෝට කිසිදු විශේෂ වරප්‍රසාදයක් ලබාදී නැති බවකි. නීතියට අනුව සියලු කටයුතු කරන ලෙස දුම්බර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග ලබාදී ඇති බවද ඔහු සඳහන් කළා.

මීගමුව බන්ධනාගාරයේ රැඳවූවන් පිරිසකට විශේෂ වරප්‍රසාද (ශීතකරණ, විදුලි උදුන්) ලබාදීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සම්පායෝ මෙසේ බන්ධනාගාරගත කෙරුණා.