ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මැතිවරණ සමයේ PHIලාට උපදෙස් ඇතුළත් චක්‍රලේඛ කෙටුම්පත නීතියට පටහැනියි -නීතිපති දන්වයි

මහ මැතිවරණ සමයේ කොවිඩ්-19 පාලනය සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අවශ්‍ය උපදෙස් ඇතුළත් කර ඇති චක්‍රලේඛ කෙටුම්පත නීතියට පටහැනි බව නීතිපතිවරයා විසින් සෞඛ්‍ය ලේකම්වරයාට දැනුම් දී ඇත.

ප‍්‍රචාරක රැස්වීම්වලට සහ ඡන්ද මධ්‍යස්ථානවලට සෘජුවම ඇතුළු වී පුද්ගලයින් සිය බාරයට ගැනීමට හා නඩු පැවරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත පවරා ඇති බල තල ඉවත් කර එය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් යටතට පවරා තිබීම ඊට හේතු වී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පවසයි.