ඉකුත් පැය 24 තුළ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළට
කොරෝනා ව්‍යාප්තිය උත්සන්න වීම හමුවේ ඉකුත් පැය 24 තුළ නව ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබේ.
එම සංවිධානයට අනුව ඉකුත් පැය 24 තුළ වාර්තා වූ නව ආසාදිතයන් සංඛ්‍යාව 284,196 කි.
එම කාලය තුළ ලොව වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ අමෙරිකාව, බ්‍රසීලය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාවෙනි.
ගත වූ පැය 24 තුළ ලොව කොරෝනා මරණ සංඛ්‍යාව ද 9753 කින් ඉහළ ගිය අතර එය ඉකුත් අප්‍රේල් 30 වැනි දාට පසු වාර්තා වූ වැඩිම දෛනික මරණ සංඛ්‍යාවයි.
මේ මාසයේ දෛනිකව වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 5000 ක් බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 13 ඉක්මවා තිබේ.
ඒ, ඊයේ වාර්තාගත ලෙස එරටින් 49,000 ඉක්ම වූ නව ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාවීමෙන් පසුවය.