ග්‍රැන්ටි දොඹකර බෑමට ඉඩ නොදුනහොත් වරාය සේවකයෝ හෙට සිට වර්ජනයකට සුදානම් වෙයි
කුත් 20 වැනිදා මෙම රටට චීනයේ සිට ගෙන එන ලද ග්‍රැන්ටි දොඹකර බෑමට ඉඩ නොදුනහොත් හෙට (29) සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට වරාය වෘත්තීය සමිති තීරණය කොට තිබේ.
චීනයේ සිට ගෙන එන ලද මෙම දෝඹකර 03 ඉකුත් 27 වැනිදාට පෙර වරාය විසින් බා ගැනීමට තිබූ අතර හෙට එම නෞකාව මෙරටින් චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබුණි.
මෙම දොඹකර ගොඩබෑම වත්මන් භාරකාර රජයේ ඉහළම දේශපාලන හස්තයක බලපෑම මත නතර වී තිබෙන බවද වාර්තා වෙයි.