ෆේස්බුක් පළවූ තමන් ගැන අසත්‍ය තොරතුරක් නිසා තරුණයෙක් ගෙල වැළලා ගනී
ෆේස්බුක් සමාජ ජාලයේ තමන් පිළිබදව අසත්‍ය තොරතුරු පලවීමෙන් සිත්තැවුලට පත් යාපනයේ තරුණයෙකු 19 දා ගසක එල්ලී සියදිවි හානි කරගෙන තිබෙනවා.
යාපනයේ චෙම්මනි කල්වියන්කාඩු ප්‍රදේශයේ පදිංචිව සිටි විසි අට හැවිරිදි රාජන් දිලීපන් නැමති මෙම තරුණයා සියදිවි හානි කරගෙන ඇත්තේ යාපනයේ නාවක්කුලි පාලම අසල පිහිටි ගසක එල්ලී බව චාවාකච්චේරී පොලීසිය සඳහන් කළා.
මියගිය තරුණයා යාපනයේ චාවාකච්චේරී ප්‍රදේශයේ වාහන සදහා දුම් පරීක්ෂණ වාර්තා නිකුත් කරණ මධ්‍යස්ථානයක සේවය කර අතර ඔහු එහි සිට පැමිණෙන අතර මගදී මේ අන්දමට සිය දිවි හානි කරගෙන තිබුණා.