ලැබුනේ නැහැ කියපු කොරෝනා විදේශ ආධාර මෙන්න
ශ්‍රී ලංකාව තුළ COVID-19 වසංගතය මර්දන ක්‍රියාවලිය වෙනුවෙන් USAID වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 5.8 කට වැඩි ආධාර ප්‍රමාණයක් ලබා දී ඇති බව USAID සිය නිල වෙබ් අඩවි අද (20) වාර්තා කර තිබේ.
එම අරමුදල්වලින් ඩොලර් මිලියන 02ක් ආර්ථික ආධාර අරමුදල යටතේ COVID-19 වැඩි බලපෑමක් සිදු වූ ප්‍රදේශ සහ එම ජනතාවව වෙනුවෙන් සේවා සැපයීම සඳහාත් කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් යළි ශක්තිමත් කිරීම සඳහා තවත් ඩොලර් මිලියන 2ක් යොදාගන්නා ලෙසයි උපදෙස් ලැබී ඇත්තේ.
ඩොලර් මිලියන 1.3ක පමණ ප්‍රමාණයක් සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා නව රසායනාගාර පද්ධති සකස් කිරීම, පරීක්ෂණ කටයුතු සඳහා, තාක්ෂණික විශේෂඥයින්ට සහය වීම යනාදී ක්ෂේත්‍ර වෙත යොද ගන්නා ලෙසද ශ්‍රී ලංකා රජයට උපදෙස් දී තිබේ.
පසුගිය වසර 20 ක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවට එක්සත් ජනපද ආධාර ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 1කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති අතර ඉන් ඩොලර් මිලියන 26කට වැඩි ප්‍රමාණයක් සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා ලබා දී ඇති බවයි USAID වැඩිදුරටත් සඳහන් කරන්නේ.
එමෙන්ම මෙම ගෝලීය වසංගත තත්ත්වය හමුවේ ඇමරිකා එක්සත් ජනපදය විසින් ලොව පුරා රටවල් වෙත මේ වන විට ඩොලර් බිලියන 10ට වැඩි ආධාර ප්‍රමාණයක් ලබා දී තිබෙන බවද සඳහන්.