පැය 24ක විශේෂ මෙහෙයුමෙන් පුද්ගලයින් 1001ක් අත්අඩංගුවට
ඇඳිරි නීතිය උල්ලංඝනය කරන්නන් සොයා පොලීසිය සිදුකළ පැය 24ක විශේෂ මෙහෙයුමෙන් පුද්ගලයින් 1001 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අතරින් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඳිරි නීති බලපත්‍ර රහිතව මාර්ගයේ ගමන් කිරීම සහ නීතිවිරෝධී මත්පැන් ප්‍රවාහනයට අදාළවයි.
දිවයින පුරා ඇඳිරි නීතිය උල්ලංඝණය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පැය 24 ක විශේෂ මෙහෙයුමක් පොලීසිය විසින් ඊයේ පස්වරු 6 සිට ආරම්භ කරනු ලැබුවේය.
ඒ අනුව ඇඳිරි නීති බලපත්‍ර රහිතව මාර්ගයේ ගමන් කිරීම, මත්පැන් ප්‍රවාහනය,නිකරුණේ මාර්ගයේ ගැවසීම,අත්‍යවශ්‍ය සේවා පුවරුව අවභාවිත කිරීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 1001 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එම මෙහෙයුමේදී පොලිස් භාරයට ගැනුණු වාහන ගණන 215ක්.
මේ අනුව ඉකුත් මාර්තු 20 වැනිදා ඇඳිරි නීතිය පැනවීමේ සිට මේ දක්වා පොලිස් අත්අඩංගුවට පත් සමස්ත පුද්ගලයින් ගණන 26,830ක් වන අතර පොලිස් භාරයට ගැනුණු සමස්ත වාහන ගණන 6845ක්.