ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignSlidervariety

කොරෝනා අස්සේ ඇමරිකාවට ටොනේඩෝ – 30 ක් මිය ගිහින්

කොවිඩ් 19 වෛරසයෙන් දැවැන්ත ලෙස බැටකන ඇමරිකා එක්සත් ජනපදයට ටොනේඩෝ සුලි කුණාටුවකට ද මුහුණදීමට සිදුව තිබෙනවා.

ඇමරිකාවේ දකුණුදිග ප්‍රදේශයේ ලුසියානා, ටෙක්සාස්, මිසිසිපි යන ප්‍රාන්තවල මෙම සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වී ඇති අතර ඇලබාමා, ජෝර්ජියා, කැරෙලිනා යන ප්‍රාන්තවල ඇතැම් ප්‍රදේශවලටද එහි බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට මෙම සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 30 දෙනෙකුට වැඩි පිරිසක් මරණයට පත්ව තිබේ. නිවාස ඇතුළු දේපල රැසකට බරපතල හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

නිවාස ලක්ෂයකට අධික ප්‍රමාණයකට ඊයේ විදුලිබලය ඇණහිටි තිබේ.

මෙම ටොනේඩෝ සුළි කුණාටවු 2014 වසරේ අප්‍රේල් මාසයෙන් පසුව ඇමරිකාවට මුහුණදීමට සිදු වූ දරුණුම සුළි කුණාටුව ලෙසයි එරට බලධාරීන් වාර්තා කරන්නේ.