ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadNewsSlider

භාණ්ඩ නිවසටම ලබාදෙන බව රජය කීවද එවැනි සේවාවක් මේ දක්වා සකස්කර නැහැ..! ජනතාව කළුකඩ වල සුරාකෑමට ලක්වේ..!

කොරෝනාවෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ඉතා අවදානම් දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති ඇඳිරි නීතිය හමුවේ ජනතාවට ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ වැඩපිළිවෙළ ඊයේ (මාර්තු 25) ආරම්භ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කලද ඒ පිලිබද රජය පැත්තෙන් නිසි පැඩපිලිවෙලක් මේ දක්වා ක්‍රියාත්මක නොවන බවට ජනතාව මැසිවිලි නගයි.

මෙම තීරණයට එළඹියේ ඇඳිරි නීතිය ඉවත් කළ කාල සීමාව තුළ “භාණ්ඩ මිල දී ගැනීම සඳහා ජනතාව වෙළෙඳසල් අසල විශාල ලෙස රැස්වී සිටීම කොරෝනා වෛරසය පාලනයට බරපතළ බාධාවක් බවට සෞඛ්‍ය නිලධාරීන් හඳුනා ගැනීම,” සැලකිල්ලට ගනිමිනි. ඒ අනුව, රජය කොරෝනාවෛරසය සම්බන්ධයෙන් ඉතා අවදානම් දිස්ත්‍රික්ක ලෙස කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක නම් කළේය.

අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස්වලට ම බෙදා හැරීමේ කටයුතු සංවිධානය සහ සම්බන්ධීකරණය කිරීම සඳහා බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර තිබුනද මේ දක්වා ඒ සදහා නිසි වැඩපිලිවෙලක් සකස්වී නොමැති බව පෙනී යයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, “සතොස, කීල්ස්, ලාෆ්ස්, ආර්පිකෝ, කාර්ගිල්ස් ෆුඩ්සිටි, අරලිය, නිපුන සහ සෙසු තොග වෙළෙඳ සමාගම් හවුල් කර ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව කියා සිටියද ඒ කුමන ආකාරයෙන්ද හා එම ආයතන සම්බන්ද කරගන්නේ කෙසේද යන්න පිලිබදව ජනතාවට අවබෝදයක් නොමැත.

මේ අතර, කීල්ස් සමාගමේ නිල වෙබ් අඩවිය මේ වන විට අක්‍රිය කර ඇති අතර ඔවුන් තබා ඇති සටහනක දැක්වෙන්නේ, “නොසිතූ පිරිදි ඉන්ටර්නෙට් හරහා කෙරෙන ඇණවුම් සංඛ්‍යාව වැඩි වී ඇති අතර ජාලගත ඇණවුම් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති,” බවය.

කෙසේ වෙතත්, රජය නිවේදනය කළේ, විවිධ සේවා සමූපකාර සමිති සහ සතොස වෙළෙදසල් හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීම අඛණ්ඩව සිදු කරන බවය. මෙම කටයුතු සම්බන්ධීකරණය කිරීම සදහා මෙහෙයුම් ඒකකයක් ස්ථාපනය කර ඇති අතර එහි දුරකතන අංකය 0112307511 වේ.

මේ සම්බන්ධයෙන් තවමත් ජනතාව අතර අවිනිශ්චිතභාවයක් දක්නට ලැබෙන අතර දුරකතනය ඔස්සේ සම්බන්ධ වූ සාමාන්‍ය ජනතාව අතරින් කිහිප දෙනෙකු ප්‍රකාශ කළේ, නිවෙස්වලට භාණ්ඩ ලබා දෙන බව පැවසුව ද ඒ සම්බන්ධයෙන් පැහැදිලි බවක් තමන්ට නොමැති බවය.

ඇණවුම් කර භාණ්ඩ නිවසට ගෙන්වා ගැනීම සඳහා ක්‍රියාත්මක ආයතන සම්බන්ධ තොරතුරු මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පැවතියද එම ආයතන ඉතා අධික මිලකට භාණ්ඩ අලෙවි කරන බව මේ වනවිට තහවුරුවී තිබේ. කප්රුක නම් ආයතනයක් රු.100 සැමන් ටින් එක 550ට විකුණා ඇති බවත් ඒ අනුව සෑම භාණ්ඩයකම පාහේ දෙතුන් ගුණයකින් වැඩියෙන් මිලක් අයකරගෙන ඇත. සමාජ මාධ්‍ය තුල ඒ පිලිබද දැඩි සංවාදයක් ද මේ වනවිට මතුව තිබේ.

මේ අතර, දෛනික වැටුප් ලබා ගනිමින් ජීවත් වන විශාල පිරිසක් දැඩි අභියෝගයකට ලක්ව තිබේ. නිවස වෙත භාණ්ඩ ලබා ගැනීමට ක්‍රමවේදයක් සකස් කළ ද එම භාණ්ඩ මිල දී ගැනීම සදහා අවශ්‍ය මුදල් සපයා ගැනීම ඔවුන්ට අභියෝගයක් වී ඇත.

මේ අතර, සමෘද්ධිලාභීන් හා සමෘද්ධි කාඩ්පත් හිමියන් රුපියල් 10,000ක පොළී රහිත අත්තිකාරම් මුදලක් සමෘද්ධි බැංකු සංගම් මගින් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දී තිබනද ඒය මේ දක්වා ක්‍රියාවට නැගෙන ආකාරයක් පිලිබදව වාර්තාවී නොමැත.