ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලය ඩොලර් 30ට පහත වැටෙයි. ලංකාවේ ආණ්ඩුව රුපියලක් අඩු නොකරයි.

1991 වසරින් පසු දැවැන්තම මිල පහළ යාම මෙය වන අතර ඒ අනුව අද බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 30ක් ලෙසයි. මේ වන විට ලෝක වෙළදපොලේ බොරතෙල් මිල සීග්‍රයෙන් පහත වැටී ඇත. එහෙත් මෙරට ඩීසල් මිල හෝ පෙට්රල් මිල අඩු කිරීමට ආණ්ඩුව මේ වනතෙක් කටයුතු කර නොමැත.

වසර 29කට පසු ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (9)  33.03%කින් පහත වැටිණි. අවසන් වරට ගෝලීය තෙල් වෙළෙඳපොළේ මිල ගණන් එතරම් අගයකට පහත වැටුණේ 1991 වසරේදීය. ඒ අවස්ථාවේ පැවැති ගල්ෆ් යුද්ධය ඊට හේතුවිය.

පසුගිය 6 වැනිදා වනවිට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 5 %කින් පහළ ගිය අතර අද වනවිට එය වාර්තාගත ලෙස 30% ක ප්‍රමාණයකින් පහළ ගොස් තිබුණි. ඒ අනුව පසුගිය 6 වැනිදා වන විට අමෙරිකානු ඩොලර් 50කට ආසන්න අගයකින් වාර්තා වූ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද වනවිට අමෙරිකානු ඩොලර් 30ක් දක්වා අඩු විය.

කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය තෙල් වෙළෙඳපොළට දැනටමත් දරුණ බලපෑමක් එල්ල වී තිබෙන මෙහොතෙක මෙලෙස තෙල් මිල ගණන් පහත යෑමට හේතුවූයේ සෞදි අරාබිය සහ රුසියාව අතර ඇති වූ අර්බුදකාරී තත්ත්වයි.

තෙල් සැපයුම සීමා කිරීම හා බොරතෙල් නිෂ්පාදනය සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට එම රටවල් දෙකට නොහැකි වූ අතර තෙල් මිල ගණන් ඉතිහාසගත ලෙස පහළ යෑමට එම අර්බුදය හේතුවිය.

රුසියාවත් සමඟ ඇති වූ මතභේදාත්මක තත්ත්වය නිසා සිය පාරිභෝගිකයන්ගෙන් අය කරන වියදම් කපා හැරීමට සෞදි අරාබිය පියවර ගත්තේය.