පොළොන්නරුවේ දාගැබක් ඩෝසර් කරලා..! රට රකින විරුවා මර නින්දේ..!
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකාපුර සිංහරාජගම වෙට්ටකාඩු ප්‍රදේශයේ ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ පේරණ කලාපයේ පිහිටා තිබූ අනුරාධපුර මුල් යුගයට අයත් මහ දාගැබක් මීට දින කිහිපකට ඩෝසර් කර විනාශ කර දමා තිබේ. ඕනෑගම මැදමළුව මහ විහාරාධිකාරී නිකපිටියේ චන්දිම හිමියන් පවසන්නේ පුරාවිද්‍යා වටිනාකම් ඇති මෙම ප්‍රදේශයේ පැරණි ආරාම, චෛත්‍ය සහ සංස්කෘතික වටිනාකම් ඇති ස්ථාන විනාශ කර නිධන් වස්තු ලබාගෙන ඇති බවයි.
විනාශ කර තිබෙන දා ගැබ අසළ තිබී ඉපැරණි කාසි, පබළු, ගඩොල්, ඖෂධ ඇඹරුම් ගලක්, සඳකඩ පහණක කොටසක් සහ වටිනා පුරාවස්තු කිහිපයක් සොයාගෙන තිබේ.
උන්වහන්සේ පවසන ආකාරයට මහවැලි ගඟෙන් එන ජලය හරස් කර වෙට්ටකාඩු අමුණ මගින් ජාතික වනෝද්‍යානයට ගන්නා ජලයෙන් අනවසරයෙන් කුඹුරු අස්වද්දා තිබේ.
මේවනවිට දැව ජාවාරම්කරුවන් සහ දඩයක්කරුවන් අක්කර 10,000ක පමණ භූමි ප්‍රදේශයක වූ කුඹුක් ගස්වලට ගිනි තබා විනාශ කර ඇතැයිද පැවසූ ඒ හිමියෝ බලධාරීන්ට ඒ පිළිබඳව පැවසුවද මෙතෙක් විසඳුමක් ලැබී නැති බවද සඳහන් කළහ.
මේ පිලිබදව අදාල බලධාරීන් දැනුවත් කලද ජාවාරම්කරුවන්ගේ දේශපාලන බලය හේතුවෙන් ඔවුන්ට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් මේ වනතෙක් අරගෙන නොමැත.
මෙහි ඇති හාස්‍යජනකම දෙයනම් වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමට පෙර විපක්ෂයේ සිටියදී මෙවැනි සිදුවීම් තම දේශපාලන බලපැවැත්ම වෙනුවෙන් යොදාගත් යොදාගත් ආකාරයයි. පොහොට්ටුවේ ප1බලයින් සමාජමාධ්‍ය තුල සහ ප්‍රවෘත්ති නාලිකා තුල මෙවැනි සිදුවීම් ඉතා හොදින් උපුටා දක්වමින් සංස්කෘතික වටිනාකම් ඇති ස්ථාන ආරක්ෂා කිරීම පිලිබදව ජනතාවට බරපතල විශ්වාසයක් ගොඩනගා එය තම ඡන්ද මල්ල තරකරගැනීමට යොදාගන්නා ලදි.

