පෙට්‍රල් රුපියල් 97ට සහ ඩීසල් රුපියල් 57ට ලබාදිය හැකියි.
ලෝක වෙළෙඳපොළේ ඉතා වේගයෙන් ඉන්ධන මිල අඩුවීම හේතුවෙන් රුපියල් 137ට අලෙවි කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් හතළිහකින් අඩු කිරීමේ හැකියාව රජයට පවතින බව ඛනිජ තෙල් වෘත්තිය සමිති පෙන්වා දෙයි.
ඒ අනුව ඉන්ධන ආනයනයේ සිට පාරිභෝගිකයා අතට පත්කිරීම දක්වා තෙල් සංස්ථාවට වැයවන සියලු මෙහෙයුම් ගාස්තු සහ බදුද ඇතුළුව ගැටලුවකින් තොරව ආණ්ඩුවට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 97 කට ලබාදිය හැකි බව ඛනිජ තෙල් වෘත්තිය සමිති සඳහන් කරනවා.
එමෙන්ම ඔහු පවසන පරිදි ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 103 කට පාරිභෝගිකයා අතට පත්කිරීමේ හැකියාව තිබෙනවා.
මීට අමතරව දැනට රුපියල් 104කට අලෙවි වන ඩීසල් ලීටරයක් රුපියල් 47 කින් අඩුකර එය රුපියල් 57 කටද අලෙවි කිරීමේ හැකියාව පවතින බවද ඛනිජ තෙල් වෘත්තිය සමිති කියා සිටීී
තවද භූමිතෙල් ලීටරයක් සඳහා රුපියල් 46 ක් සංස්ථාව වැය කරන අතර අලෙවි කරන්නේ රුපියල් 70 කටය. ඒ අනුව භූමිතෙල් ලීටරයක් රුපියල් 24 කින් අඩු කර රුපියල් හතළිස් හයකට ලබාදීමේ හැකියාව ඇති බව ද ඛනිජ තෙල් වෘත්තිය සමිති පෙන්වා දෙනවා.