වරෙන්තුවට පැය 72යි..! රවී අතුරුදහන් – පොලිසිය නිහඩයි..!
2016 වසරේ සිදුවූ බැඳුම්කර වංචාවක් සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 10 දෙනෙකු වහාම අත් අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර පැය 72ක කාලයක් ගතව ඇතත් මෙතෙක් අත් අඩංගුවට ගෙන ඇත්තේ පර්පචුවල් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන මුතුරාජා සුරේන්ද්‍රන් යන අය පමණි.
විශේෂයෙන් රවී කරුණානායක මහතාව අත් අඩංගුවට ගැනීම සඳහා බව කියමින් පසුගිය දින තුනේම ඔහුගේ බත්තරමුල්ලේ පිහිටි නිවසට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඔහු එහි නොමැති බව පවසමින් ආපසු හැරී එන ආකාරය දක්නට ලැබිණි.
ඒ අනුව ගතවූ පැය 72 තුළ රවී අත්අඩංගුවට ගැනීමට නොහැකිවීමෙන් ජාතික ආරක්ෂාව 100%කින් තහවුරු කළ බවට පම්පෝරි ගසමින් සිටි ආණ්ඩුව නීච වී ඇති බවක් පෙන්නුම් කෙරේ.
මේ අතර වත්මන් ආණ්ඩුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබෙන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව භාරව සිටි ඩබ්ලිව්. තිලකරත්න මහතාය.