ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

කොරෝනා සම්බන්ධ පරීක්ෂණවල නියුතු‍ සෞඛ්‍ය සේවකයින් අනාරක්ෂිතයි

කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් හඳුනාගැනීමේ සහ එම වෛරසය හා සම්බන්ධ පරීක්‍ෂණ කටයුතුවල නිරත සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගැටලු පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන් පවසයි.

විශේෂයෙන්ම මෙවන් පරීක්‍ෂණ කිරීමේදී උසස් තත්ත්වයේ රසායනාගාර අවශ්‍ය බවත් කොරෝනා වෛරසය අඩංගු රෝගියෙකුගේ රුධිර පරීක්‍ෂාවක් කළහොත් එම පරීක්‍ෂාව සිදුකළ ස්ථානයේ අවට වාතය පවා වායුගෝලයට මුදාහැරිය යුත්තේ ආරක්‍ෂිත තත්ත්ව යටතේ යැයි ඔවුන් සඳහන් කළේය.

වෛරසය හඳුනා ගැනීමට අවශ්‍ය තාක්‍ෂණය වෛද්‍ය පර්යේෂණායතනය සතු වුවත් පවතින ආරක්‍ෂක උපාංග සම්බන්ධ අඩුපාඩු ඇති අතර ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාද දැනුම්වත් කර ඇතැයි කීවේය.

විශේෂයෙන් නිසි ආරක්‍ෂක ක‍්‍රමවේදයන් අහිමි වුවහොත් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින් මෙන්ම හෙද කාර්යමණ්ඩල, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ආදී පාර්ශ්වයන්ද අවධානමකට ලක්වන බව වෘත්තීයවේදීන් පවසයි.