ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

වැල්ලවත්තේ ගින්නකින් පුද්ගලයකු මරුට

වැල්ලවත්ත, රුද්‍රා මාවතේ මහල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, අද පස්වරු 2.45 ට පමණ ගින්න හටගත් බවයි.

ගින්නෙන් මියගොස් ඇත්තේ දෙමහල් නිවසේ සිටි 79 හැවිරිදි පුද්ගලයෙකි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

කොළඹ මහනගර සභාවේ ගිනි නිවීම් ඒකකය, ගල්කිස්ස නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා තිබේ.