ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

කොරෝනා වෛරසය වැළඳී ඇතැයි සැකපිට කාන්තාවන් දෙදෙනෙක් IDH රෝහලට

කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකපිට කොළඹ අයි ඩී එච් රෝහලට කාන්තාවන් දෙදෙනකු  ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් එම කාන්තාවන් දෙදෙනාට එම රෝගය වැළඳී ඇති බවට මෙතෙක් තහවුරු වී නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි.

අයි ඩී එච් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසිත අත්තනායක මහතා සඳහන් කළේ චීනයේ වූහාන් පළාතේ වෛද්‍ය විද්‍යාලයක අධ්‍යාපනය ලබා මෙරටට පැමිණි ශ්‍රී ලාංකික තරුණියක් සහ මෙරට සංචාරයක් සඳහා පැමිණි චීන ජාතික කාන්තාවක් රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි.

ඔවුන් පරික්ෂා කිරීම සඳහා ඔවුන්ගේ සෙම සාම්පල සහ රුධිර සාම්පල කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර තිබේ.