ලක්ෂ 30ක් වැයකල බැම්ම නිවසක වහලය උඩටම කඩා වටේ..! කඩුවෙල නගර සභාවේ තවත් වංචනික ඉදිකිරීමක් මෙන්න – (PHOTOS)
කඩුවෙල නගර සභාවේ ප්‍රමිතියෙන් තොර ඉදිකිරීමක් නිවසක් මතට කඩාවැටීමෙන් එම නිවසට දැඩි හානි සිදුව තිබෙනවා. පස් සෝදා යාම වැළක්වීම සඳහා රුපියල් ලක්ෂ 30කට වැඩි මුදලක් වැය කර අඩි 30ක් උස අඩි 40ක් දිග බැම්මක් ඉදිකර එහි ඉදිකිරීම් අවසන් වූ පසු පස් පුරවමින් සිටියදී මෙම බැම්ම මෙලෙස කඩා වැටී ඇති බව වාර්තා වනවා.
මෙවැනි බැම්මක් ඉදි කිරීමේදී අනුගමණය කළ යුතු නියමිත ඉන්ජිනේරු තත්වයන් අනුගමණය කර නැති බවත් ඊට යොදන අමුද්‍රව්‍ය (කම්බි) අදාල බැම්මේ ප්‍රමාණයට සාපෙක්ෂක ගණකම අඩු ඒවා බවත් එම වාර්තා මගින් පැවසෙනවා.
ඊට අමතරව තම්බි අතර සම්බන්දතාවය ඇති කිරීමට කොන්ක්‍රීට් බැම්ම අභ්‍යන්තරයේ යොදන කම්බි දැල් යොදා නැති බවද නගර සභාවේ ආරංචි මාර්ග සඳහන් කළා.
මෙය ඉතාමත් වංචණික ලෙස සිදු කළ ඉදිකිරිමක් වන අතර මෙය ජනතා මුදල් අවභාවිතා කිරීමක්ද වන බවයි නගර සභා සේවකයන් පවසන්නේ.



