පියුමි හංසමාලි, ටීනා, ශානිගෙන් රන්ජන්ගේ හඬපට ගැන පොලිසිය ප්‍රශ්ණ කරයි.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා සතුව තිබී සොයාගත් රහසිගත හඬපට සම්බන්ධයෙන් පියුමි හංසමාලි සහ ටීනා ඇතුළු රංගන ශිල්පිනියන් සමග කරන ලද දුරකථන සංවාද සම්බන්දයෙන් අදාළ පාර්ශ්වයන්ගෙන් කට උත්තර ලබා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය තීරණය කර ඇතිබව වාර්තාවේ.
ඒ අනුව රන්ජන් රාමනායක මහතා සතුව තිබී සොයා ගන්නා ලද රහසිගත හඬපට සැලකියයුතු ප‍්‍රමාණයක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වෙන වෙනම විමර්ශන පවත්වාගෙන යනවා.
මෙම හඬපට සම්බන්ධයෙන් රජයේ රස පරීක්‍ෂකවරයා ලබා දෙන වාර්තාවෙන් පසුව එම සංවාදවලට සම්බන්ධවූවන්ගෙන් ප‍්‍රශ්න කිරීම් ආරම්භ කරන බවද පොලිසිය සඳහන් කළා.
මහේස්ත‍්‍රාත්වරුන්,දේශපාලන නායකයන්,රංගන ශිල්පිනියන් සහ පොලිස් නිලධාරීන් ඇතුළු රැසකගෙන් මෙහිදී ප්‍රශ්න කරනු ඇති බවයි වාර්තා වන්නේ.
පියුමි හංසමාලි සහ ටීනා ඇතුළු ශිල්පිනියන් සමග කරන ලද දුරකථන සංවාදවලදී ද වැඩිදුර විමර්ශනය කළ යුතු කරුණු ඇති බවයි පොලිසිය පවසන්නේ.