‘සජිත් පත්නොකළොත් සජිත්, මංගල, හර්ෂ, ටිරාන් මෙන්ම මමත් දේශපාලනයෙන් ඉවත් වෙනවා’ – සුජීව සේනසිංහ
එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජනපති අපේක්ෂකයා බවට පත් නොකළොත් සජිත්, මංගල, හර්ෂ, ටිරාන් මෙන්ම තමා ඇතුළු ප්‍රබල අමාත්‍යවරුන් පිරිසක් දේශපාලනයෙන් ඉවත්වන බව පොළොන්නරුව බැඳිවැව පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවති ප්‍රාදේශීය සභා මංන්ත්‍රීවරුන් මෙන්ම කලාප සංවිධායකවරුන් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්ව ඇමති සුජීව සේනසිංහ මහතා පැවසීහ.
පක්ෂයේ දිනන්න හැකි එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවත් එතුමා ජනපති අපේක්ෂකයා බවට පත් නොකිරිමේ වාසිය පොහොට්ටුව ලබා ගන්නා බැවින් නායකයා සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකයා බවට පත් නොකරන්නේ නම් අලියාගෙන් නොව කොරවක්කා ලකුනින් හෝ ජනපතිවරණය දිවි හිමියෙන් සටන් කර සජිත් ප්‍රේමදාස මහතා මීළඟ ජනාධිපතිවරයා බවට පත් කරන බවද සුජීව සේනසිංහ මහතා සඳහන් කළේය.