ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

නීති විරෝධී උද්ඝෝෂණ අලුත්කඩේ මහේස්ත්‍රාත් බල ප්‍රදේශය තුල තහනම්

අලුත්කඩේ මහේස්ත්‍රාත් බල ප්‍රදේශයේදී පවත්වන්නට යෙදෙන උද්ඝෝෂණ ,රැස්වීම, පෙළපාලි සඳහා ඊයේ (01) සිට මේ මස (10) දින දක්වා අලුත්කඩේ ප්‍රධාන මාහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර ඇත.

එවැනි උද්ඝෝෂණ ,රැස්වීම්,පෙළපාලියක් පවත්වාගෙන යාමේදී සාමකාමීව හා නිත්‍යානුකුල ලෙස පවත්වාගෙන යාමට බධාවක් නොමැති බවටත් ,කැරැල්ලක්,කළහයක්,ඇතිවන කිසිඳු ක්‍රියාවක් නොකළ යුතු බවටත් , මහජනතාවට, වාහනවලට බාධාවක් , අනතුරක්, කරදරයක් ඇතිවන ආකාරයේ රැස්වීමෙන් ගමන් කිරීමෙන් වැලකිය යුතු බවටත් සාමය කඩවන සුළු ආකාරයේ කිසිඳු ක්‍රියාවක් නොකළ යුතු බවටත් නිත්‍යානුකූලව සේවයේ නියුතු තැනැත්තන් හට බධාවක් වන අයුරින් රැස්වීමෙන් හෝ ගමන් කිරීමෙන් වැළැකිය යුතු බවටත් මෙම අධිකරණ නියෝගයෙන් නියෝග කර තිබේ.

එහි උද්ඝෝෂණ, පෙළපාලි සඳහා සහභාගි වන සියළු ජනතාව වෙත මෙම නියෝගය බලාත්මක වන බවද පොලීසිය දන්වා ඇත.