ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

කැලණි විහාරයේ දායකසභාවෙනුත් අගමැති රනිල් ඉවතට

කැලණි රජමහා විහාරයේ දායක සභාවේ සභාපති ධූරයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීම පිළිබඳ යෝජනාවකට දායක සභාවේ අනුමැතිව හිමිව තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ(01) පස්වරුවේ කැලණිය විහාරස්ථානයේ දායක සභාව රැස් වු අවස්ථාවේදීය.
අගමැතිවරයාව එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා දායක සභාවේ වැඩි පිරිසකගේ අනුමැතිය හිමිව ඇත.
මේ අතර කැලණි රජමහා විහාරාධිපති නාහිමියන්ට එල්ල වී තිබෙන දේපල චෝදනා සම්බන්ධයෙන් නිදොස් වීමක් වනතුරු දායක සභාවේ සභාපති ධූරයෙන් ඉවත්ව සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කලින්ම දැනුම් දී තිබුණු බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කර සිටී. කැලණිය රජමහා විහාරාධිපති හිමියන්ට එල්ල වී තිබෙන චෝදනා වල වගකීම සම්බන්ධයෙන් දායක සභාවේ සභාපති ලෙස අගමැතිවරයාට බැඳීමක් ඇතිකර ගත නොහැකි බැවින් ඉහත දැනුම්දීම කලින්ම කළේ යැයි ද එක්සත් ජාතික පක්ෂය වැඩිදුරටත් සඳහන් කරයි.
කුමන පසුබිම්ක් යටතේ වුවද ඊයේ (01)  දිනයේ පැවති දායක සභා රැස්වීම්ට  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූයේ නැතැයි ද සුළු පිරිසක් ගත් තීරණය සම්බන්ධයෙන් අගමැතිවරයා කිසි ලෙසකින්වත් දැනුවත්ව නැතැයි ද එක්සත් ජාතික පක්ෂය පවසයි. එක්සත් ජාතික පක්ෂය ඉහත කරුණු සඳහන් කළේ කැලණි රජමහා විහාරස්ථ දායක සභාවේ සභාපති ධූරයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළ බවට පළවූ වාර්තා සහ සමාජ ජාලා පුවත් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමිනි.