ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

පොලිස් කොස්තාපල්ට පොලිසිය තුලදීම පහරදුන් නාරම්මල පොහොට්ටුවේ උප සභාපති අත්අඩංගුවට

නාරම්මල පොලිසියේ කොස්තාපල්වරයකුට පහරදුන් බව කියන මහින්ද රාජපක්ෂගේ පොහොට්ටු පක්ෂයේ නාරම්මල ප්‍රාදේශීය සභාවේ උප සභාපති මංජුල පොල්ගම්පළ මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
උප සභාපතිවරයා ඊයේ (29) පොලිස් ස්ථානය වෙත යතුරුපැදියකින් පැමිණ ඇති අතර, පහරකෑමට ලක් වූ කොස්තාපල්වරයා රාජකාරියේ යෙදී සිට ඇතැයි පොලිසිය කියයි.
කොස්තාපල්වරයා එම අවස්ථාවේ දුරකථන ඇමතුමක් ලබාගනිමින් සිට ඇතැයි ද මන්ත්‍රීවරයාව ගණන් නොගත්තේ යැයි උරණව මෙම පහරදීම කර ඇතැයිද පොලිසිය කියයි.
පහරකෑමට ලක් වූ කොස්තාපල්වරයා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇත. උප සභාපතිවරයා කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.