News | Gossip | Political | Entertainment


දියුණු වන රටවල මූල්‍ය ව්‍යාපාර වර්ධනය සඳහා උදවු කරන ලෝක බැංකුව එහි සහය ලබන ආයතනවල ක්‍රියාකාරිත්වය නිසා මිනිසුන්ට හා පරිසරයට සිදුවන හානි අවම කිරීමට උපදෙස් මාලාවක් නිකුත් කර ඇතත් බොහෝ අන්තර්ජාතික හා ජාතික බැංකු එවැනි ක්‍රියාමාර්ග ගෙන නොමැත. ඒ හේතුවෙන් වැසි වනාන්තරයක් තුළින් බුල්ඩෝසරයක් ගෙන යාම වැනි කටයුතු සඳහා ඉඩ පෑදී තිබේ. හොන්ඩුරාස්, කොළොම්බියා හා ග්වාතමාලාව එවැනි දේ සිදුවූ රටවල් කිහිපයකි.
යුක්‍රේනයේ වංචා දූෂණ පිළිබඳව වාර්තා කළ ගවේෂණාත්මක නිදහස් මාධ්‍යවේදී වාඩිම් කොමරොව් නාඳුනන පුද්ගලයෙකු විසින් අමානුෂික ලෙස පහර දෙනු ලදුව, මොළයේ ශල්‍යකර්මයක් කරන්නට වූ බවත්, ඉන්පසු කෝමා තත්ත්වයකට පත්වූ බවත්, සති දෙකකින් අනතුරුව මියගිය බවත් වාර්තා වේ. එවැනි සිදුවීමක් වී තිබෙන්නේ නව යුක්‍රේන අගමැති වොලොඩිමිර් සෙලෙන්ස්කි රටේ වංචා දූෂණ නවත්වන බවට ඡන්ද පොරොන්දුවක් දී තිබියදීය.