SliderSports “අවිශ්ක ප්‍රනාන්දු මෙතෙක් කොහෙද හිටියේ ? විචාරකයන්ටත් ප්‍රශ්නයක් June 23, 2019 Kamal Dhammika 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා-එංගලන්ත තරගය එක්සත් රාජධානියේ හෙඩින්ලි ක්‍රීඩාංගනයේදී සිකුරාදා (ජුනි 21) ආරම්භ විය. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වන නායක දිමුත් කරුණාරත්න සහ කුසල් ජනිත් පෙරේරා පළමු පන්දුවාර දෙක තුළ දැවී ගිය අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිමට ජීවයක් එක් කළේ තම පළමු ලෝක කුසලානය තරගය ක්‍රීඩා කළ 21 හැවිරිදි අවිශ්ක ප්‍රනාන්දුය. ලහිරු තිරිමාන්න වෙනුවට කණ්ඩායමට එක් කරන ලද අවිශ්ක ප්‍රනාන්දු, පන්දු 34කදි වේගවත් පිති හරඹයක යෙදෙමින් ලකුණු 49ක් රැස් කළේ ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන්ගේ අවධානය තමන් වෙත යොමු කර ගනිමිනි. එංගලන්තයේ හොඳම පන්දු යවන්නා ලෙස සැලකෙන ජෝෆ්රා ආර්චර්ට එරෙහිව එල්ල කළ අලංකාර හතරේ සහ හයේ පහරවල් ක්‍රීඩා ලෝලීන්ගේ මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩා ලෝලීන්ගෙන් අවධානය දිනා ගැනීමට සමත් විය. ජනප්‍රිය ක්‍රිකට් වෙබ් අඩවියක් වන ‘ක්‍රීක්ඉන්ෆෝ’ හි ප්‍රධානියෙකු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රශ්න කර තිබුණේ “අවිශ්ක ප්‍රනාන්දු මෙතෙක් කොහෙද හිටියේ ?” යනුවෙනි. ශ්‍රී ලංකාව මෙතෙක් ක්‍රීඩා කළ තරග 3 සඳහා අවිශ්ක ප්‍රනාන්දු ක්‍රීඩා නොකළේ ඇයිදැයි තවත් බොහෝ දෙනකු ප්‍රශ්න කර තිබුණි. ශ්‍රී ලංකාව ලෝක කුසලානයට පෙර සහභාගිවූ ස්කොට්ලන්ත තරගයේ අවිශ්ක ප්‍රනාන්දු වේගවත් ලකුණු 74ක් රැස්කළ අතර ඉන් අනතුරුව පැවති ලෝක කුසලාන පුහුණු තරගයේදී ඔහු සුළු අබාධයකට ලක්විය. කෙසේ නමුත් ලෝක කුසලානය ආරම්භයේ ඔහු සම්පුර්ණ සුවය ලබා තිබුණි. ලහිරු තිරිමාන්න කණ්ඩායමට කැඳවු නිසා අවිශ්ක ප්‍රනාන්දුට කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවුණි. කෙසේ නමුත් අද (ජුනි 21) අවිශ්ක ප්‍රනාන්දුට තම පළමු ලෝක කුසලාන තරගය ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවූ අතර ශ්‍රී ලංකාව ලකුණු 3කට කඩුලු 2ක් දැවී ගොස් තිබියදීත් ඔහු එංගලන්තයට එරෙහිව ලකුණු අතර රැඳුනේ හතරේ පහර 6ක් සහ දැවැන්ත හයේ පහර 2ක් සමග පන්දු 34කදී ලකුණු 49ක් රැස් කරමිනි. ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජාත්‍යන්තර විචාරක ආකාශ් චොප්රා පැවසුවේ අවිශ්ක ප්‍රනාන්දු, ශ්‍රී ලංකාවේ හැකියාව ඇති දක්ෂ පිතිකරුවන් ඇති බවට තහවුරු කිරීමක් බවය. (බීබීසී) Post Views: 845 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print