NewsSlider වෛද්‍ය සාෆි වෙනුවෙන් බිදිඳගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් June 23, 2019 Kamal Dhammika කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍ය සාෆි ෂියාබ්දීන් නීති විරෝධීව අත්අඩංගුවට ගෙන චෝදනා ගොනු නොකරමින් රඳවා තබාගැනීම පිළිබඳව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ඔහුගේ බිරිඳ වන වෛද්‍ය නසීර් ෆාතිමා ඉමාරා පැවසුවාය. මීට අමතරව සිය සැමියා චෝදනා ගොනු නොකර රඳවා තබා ගැනීම, එසේ අත්අඩංගුවෙන් අනතුරුව තමන්ගේ සහ තම දරුවන්ගේ ජීවිතවලට එල්ල වූ තර්ජන සම්බන්ධයෙන් පසුගිය සතියේ මානව හිමිකම් කොමිසමට තමන් පැමිණිල්ලක් කළ බවද වෛද්‍ය ඉමාරා වැඩිදුරටත් පැවසීය. මැයි 24 වැනිදා අත්අඩංගුවට ගැනීමෙන් පසු දින 28 ක් තිස්සේ වෛද්‍ය ෂියාබ්දීන් සාෆි අධිකරණයට ඉදිරිපත් කිරීමක් නොකළ අතර, ඔහු රඳවා තබාගෙන ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමේ නියෝගයක් මතය. සාෆිගේ ප්‍රකාශය අධිකරණයට ! අත්අඩංගුවේ පසුවෙන වෛද්‍ය ෂියාබ්දීන් සාෆිගෙන් අවස්ථා කීපයක දී ප්‍රකාශ සටහන් කරගත් ප්‍රකාශවල සාරාංශයක් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ජූනි 27 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර ජූනි 19 වැනිදා පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. එමෙන්ම වෛද්‍යවරයා තමන්ගේ පැලෝපීය නාලයට හානි කළා යැයි පවසන පැමිණිලිකාරියන් පරීක්ෂාවට ලක් කිරීම සඳහා වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් යුත් විශේෂඥ පරීක්ෂණ මණ්ඩලයක් පත් කළ බවත්, මෙම විශේෂඥ පරීක්ෂණ මණ්ඩලයට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සභාපතිවරයා ලෙසත්, තවත් විශේෂඥ ප්‍රසව හා නාරි වෛද්‍යවරුන් දෙදෙනෙකුත් පත් කර ඇති බවත් ඔහු කීය. DIG ට චෝදනා : මේ අතර සිදුවීම සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු මාධ්‍යයට ලබාදුන්නේයැයි චෝදනා එල්ල වී ඇති කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත්ගෙන් ජූනි 17 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 8 කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද ඉල්ලීමක් මත කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් පසුගිය වසර 5 තුළ දී විශේෂඥ ප්‍රසව හා නාරි වෛද්‍යවරුන් කළ සිසේරියන් සැත්කම් ගණන විමසා ඇත. විශේෂඥ පරීක්ෂණ කිමිටුවේ පරීක්ෂණ කොළඹ කාසල් හා සොයිසා රෝහල් දෙකේදී පමණක් කිරීමටද අධිකරණය නියෝග කර ඇත. (අනිද්දා) Post Views: 580 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print