CorruptionNewsSlider රාජපක්ෂ පාලන සමයේ කොටස් වෙළදපොල උලාකෑ ගෝඨාගේ සුරතලා ගොඩහේවාගේ පැටිකිරිය මෙන්න. June 11, 2019 Kamal Dhammika මහින්ද රාජපක්ශ කඳවුරේ සිටින අයගෙන් මූල්‍ය වංචා හොරකම් සම්බන්ධව චෝදනාවක් එල්ල නොවූ කිසිවෙකු හෝ නැති තරම්ය. නමුත් මේ කඳවුරේ සිටින බහුතරයක් දෙනා ලෝකය ඉදිරියේ අනුන්ට අවවාද හා උපදෙස් ලබා දීමෙන් තමන් සුදනන් සේ පිරුවට යට සැඟවී සිටිති. ආණ්ඩු බලය තිබෙන කාලයේදී කුකුල් කොටුවට පැන්න නරින් සේ සිත් සේ හොරා කෑ මොවුන් විපක්ශය තිබෙන කාලයේදී තමන්ගේ සාදු චරිත සේ පෙනී සිටින්නට උත්සහා දරයි. එවන් පුද්ගලයෙකු වන්නේ නාලක ගොඩහේවායි. ගෝඨා රජකරවන්නට සිහින දකිමින් සිටින ඔහු වර්ථමානය වන විට පොත් ආදිය ලියා උගතෙකු බුද්ධිමතෙකු ලෙස පෙනී සිටින්නට උත්සහා දරමින් සිටින අතර ඔහුට පහුගිය ආණ්ඩුව කාලේ එල්ල වු චෝදනා කිහිපයක සංක්ෂිප්ත උපුටා ගැනීමකි මේ. ඔහු ශ්‍රී ලංකා සුරැකුම්පත් විනිමය කොමිශන් සභාවේ සභාපති ලෙස කටයුතු කල සමයේ ඇතැම් සමාගම් වල කොටස් මිල සැක සහිත ලෙස සිග්‍රයෙන් ඉහල යාම හා එයින් බැඳුන පම්පින් ඇන්ඩ් ඩම්ප්පින්ග් ලෙස හැඳින්වුන කුප්‍රකට කොටස් වෙළදපල වංචා සිදු කල බවට චෝදනා එල්ල උනා. තවද ක්‍රිශ් ගණුදෙනුවට සම්පන්ධ වෙමින් රාජපක්ෂ පවුලේ නාමල් රාජපක්ෂට විශාල මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමට අතරමැදියෙකු වීම සම්බන්ධවද ඔහුට චෝදනා එල්ල උනා. ලංකා හොස්පිට්ල් සමාගමේ කොටස් වලින් 29%ක් විකුණා දැමීමේ ප්‍රශ්ණගත ගණූදෙනුවටද ඔහු සම්බන්ධ බවට චෝදනා එල්ල වෙනවා. 2015දී රාජපක්ෂ ආණ්ඩුව බිඳ වැටිමෙන් පසුව ශ්‍රී ලංකා විනිමය සුරැකුම්පත් කොමිෂන් සභාවේ මුදල් අවභාවිතය පිළිබඳව ඔහුට එරෙහිව පරීක්ශණයක්ද පැවතුනා ඒ කොටස් වෙළඳපල ආයෝජනය දිරි ගැන්වීම සඳහා තරුණයන් අතර බෙදා හැරීමට තිබූ මුදල් ප්‍රමාණයක් නාමල් රාජපක්ශගේ ඉල්ලීම මත වෙනත් කාර්යක් සඳහා මුදා හැරීම සම්බන්ධව 2012 අගෝස්තු 27 වනදා ඩේලි මිරර් පුවත්පත වාර්ථා කල කරුණූ වලට අනුව කොටස් වෙළඳපල අයථා ගණූදෙනු සම්බන්ධයෙන් පසුව චෝදනා එල්ල වූ සිටිරස් ලෙශර් සමාගමට අනුබද්ධ වස්කඩුව බීච් රෙසෝට් සමාගමේ 10වන හා 16 වන විශාලතම කොටස්කරු ලෙස ගොඩහේවා මහතා කටයුතු කර තිබෙනවා. ඔහු තවත් ප්‍රශ්ණගත සමාගමක් වූ කලම්බු ලෑන්ඩ් ඇන්ඩ් ඩිවලොප්මන්ට් සමාගමේද 7 වන විශාගතම කොටස්කරුවායි. දිල්ත් ජයවීර හා වරුණී අමුණූගම යන මහත්ම මහත්මීන් සම්බන්ධ දිවැස ෆයිනැන්ස් සමාගමේද සභාලතිවරයා ලෙස නාලක ගොඩහේවා කටයුතු කර ඇත මේ පැරණී මාධ්‍ය වාර්ථාවක් උපුටා දක්වමින් අප පෙන්වා දුන්නේ ආචාර්ය නාලක ගොඩහේවාගේ හොරකම් සාගරයෙන් ලේන් නැට්ටක් පෙඟෙන ප්‍රමාණය පමණී එසේම ඉදිරියේදීද මහින්ද රාජපක්ෂ කඳවුරේ ඉන්නා බොහෝ සුදු මහත්වරුන්ගේ ගඳ ගහන අතීතය කොටස් වශයෙන් ඔබ ඉදිරියට ගෙන එන්නට අපි බලාපොරොත්තු වන්නෙමු. Post Views: 8,105 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print