NewsSlider බදුර්දීන් සම්බන්ද කර අසත්‍ය ප්‍රකාශ කල වීරවංශගෙන් සතොස බිලියනයක් වන්දි ඉල්ලයි. June 11, 2019 Kamal Dhammika සතොස ආයතනයේ වාහන ත්‍රස්තවාදී කටයුතු සඳහා යොදාගත් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ලංකා සතොස ලිමිටඩ් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි. විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයෙන් සතොස ආයතනයේ කීර්ති නාමයට මහත් හානියක් සිදු වූ බව සඳහන් කරමින් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා සතොස ආයතනය මන්ත්‍රීවරයාට එන්තර වාසියක් යොමුකර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් සඳහන් කරන ස්ථානයකට හෝ දිනයකදී කිසිදු සොතොස වාහයක් ගොස් නොමැති බවත්, එය සම්පූර්ණයෙන්ම අසත්‍ය කරුණක් යන අතර, එමගින් ජනතාව සතොස කෙරෙහි තබා ඇති විශ්වාසය පළුදු කිරීමට උත්සාහ කරමින් සිටින බවත් අදාළ නිවේදනයේ සඳහන් කර ඇත. එමෙන්ම එම ප්‍රකාශනය සම්බන්ධයෙන් විධිමත් පරීකෂණනයක් පවත්වා ජනතාවට සත්‍ය හෙළි කරන ලෙස ඉල්ලමින් සතොස ආයතනය විසින් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් සිදු කර තිබේ. මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. පාස්කු ඉරිදා එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයන්ට නායකත්ව දුන් සහරාන් සහ ඇමති රිෂාඩ් බදිර්දීන් අතර ඇති සම්බන්ධය සාක්‍ෂි සහිතව ඔප්පු කිරීමට තමන් සූදානම් බවත් ඒසේ කිරීමට නොහැකි වුවහොත් තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර තිබුනි. කල්මුණේ සයින්දමරුදු ප‍්‍රදේශයේ මරාගෙන මැරුණ නිවසට සතොස වාහනවලින් ගමන් කර ඇති බව වීරවංශ මන්ත‍්‍රිවරයා එහිදී කියා සිටියේය. පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප‍්‍රහාරය එල්ල කරන්නට කලින් දා සතොස වාහනවලින් අදාල බෝම්බකරුවන් ප‍්‍රවාහනය කර ඇති බවත් ඒ් පිලිබදව තමන් ලඟ සාක්ෂි පවතින බවත් ඒබැවින් තමා බදුර්දීන් ඇමතිවරයාට මේ පිලිබදව අභියෝගයක් ඒල්ල කල බවත් ඒම අභියෝගය බාරගෙන ඔහුට නිදොස් වන ලෙස බදුර්දීන් ඇමතිවරයාට තමන් ප්‍රකාශ කරන බවත් ඔහු පැවසීහ. ඒසේම මෙම අභියෝගයෙන් තමන් පරාජයට පත්වුවහොත් තමන් දරණ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තමන්ද සුදානම් බවද විමල් වීරවංශ මහතා අභියෝග කර සිටියේය. Post Views: 1,156 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print