ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

විශ්වාසභංගයේදී රිෂාඩ්ට එරෙහි ඡන්දය ලබා‌ දෙනවා

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විස්වාසභංගයෙදී තමන් ඊට පක්‍ෂව ඡන්දය ලබා දීමට තීරණය කළ බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා අද (20) පස්වරුවේ පැවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසිය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා,

” පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන් පිලිබදව  රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා යුධ හමුදාපතිවරයට බලපෑම් කළ බව මේ වන විට සනාථ වී තිබෙනවා. යුධ හමුදාපති ප්‍රකාශ කර තිබෙනවා අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් අමාත්‍යවරයා තමන්ට දුරකථන ඇමතුම් ලබා දුන් බව, ඒ වගේම අමාත්‍යවරයාත් ඇමතුම් ලබා දුන් බව පිළිගෙන තිබෙනවා.

මෙම තත්ත්වය මත ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශන කටයුතු වලට අමාත්‍යවරයාගේ හැසිරීමෙන් බලපෑමක් සිදුවන බවට ප්‍රබල සමාජ මතයක් ගොඩනැගී තිබෙනවා. මේ නිසා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල විශ්වාසභංග යෝජනාවට ඡන්දය විමසීමට පෙර රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා සියධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි.

එසේ නොවුනොත් විශ්වාසභංග යෝජනාවේදී රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව තමන්ඡන්දය ප්‍රකාශ කරන බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පැවසීය.