අගමැතිට, ආරක්ෂ ඇමතිට සහ කැබිනට් මණ්ඩලයට එරෙහිව ජවිපෙන් විශ්වාස භංගයක් !
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් දැනුවත්ව සිටියදීත් ඒ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
අද(20) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ, හෙට (21) දිනයේ දී මෙම විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට බාර දීමට කටයුතු කරන බවයි. මාධ්‍ය හමුමේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ සියලුම පක්ෂවලින් මෙම යෝජනාවට සහාය ඉල්ලා සිටින බවයි.