ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මම මෛත්‍රීගේ මිනිහෙක්..! කවුරු හර්තාල් කළත් මං අයින්කරන්න බැහැ –

තමාට එරෙහිව කවුරු හර්තාල් කළත් ඊට බිය වන්නේ නැතැයි ද තමා තනතුරෙන් පහ කරන්න ජනාධිපතිවරයාට හැරුණු කොට වෙනත් කිසිවකුට නොහැකි යැයිද තමන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කෙනෙක් බව ඔවුන් තේරුම්ගත යතු බවද නැගෙනහිර පළාත් ආණ්‌ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්‌බුල්ලා මහතා ප්‍රකාශ කරයි.
හිස්‌බුල්ලා මහතාට එරෙහිව නැගෙනහිර පළාතේ ආරම්භ කළ හර්තාලය පිළිබඳව මාධ්‍යයට තම අදහස් පළ කරමින් ‌මේ බව සඳහන් කර තිබිණි.
හෙතෙම මෙසේ ද පැවසීය.
‘මෙම හර්තාලය පසුපස සිටින අය මා හොඳාකාරව දන්නවා. දෙමළ ජාතිකයන් පිරිසක්‌ පොහොට්‌ටුවේ මන්ත්‍රීවරුන් ද අල්ලාගෙන මට එරෙහිව හර්තාල් කරනවා. කවුරු හර්තාල් කළත් මට ප්‍රශ්නයක්‌ නැහැ. මාව තනතුරෙන් පහකරන්න මේ පොඩි පොඩි කාටවත් බැහැ. එහෙම පහකරන්න හේතු පෙන්වාදිය යුතුයි’