NewsSlider ජාතික ආරක්ෂාව හැර වෙනත් කිසිඳු කැබිනට් අමාත්‍ය ධුරයක් බාරගන්නේ නෑ May 11, 2019 Kamal Dhammika නීතිය හා සාමය හෝ ජාතික ආරක්ෂාව පිළිබඳ අමාත්‍යධුරය හැරුණුවිට වෙනත් කිසිඳු කැබිනට් අමාත්‍ය ධුරයක් තමා බාරනොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසා සිටියි. ඊයේ (10) පස්වරුවේ කොළඹදී මාධයවේදීන් නැඟූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේය. නීතිය හා සාමය හෝ ජාතික ආරක්ෂාව පිළිබඳ අමාත්‍යධුරය තමාට ලැබේවිදැයි මාධ්‍යෙව්දිනියක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා කියා සිටියේ එසේ වේ යැයි සිතීම අපහසු බවයි. වෙනත් කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදී ආරක්ෂක කවුන්සිලයේ උපදේශකයෙක් ලෙස පත්කිරීමට ගත් තීරණයක් තමන් ප්‍රතික්ෂේප කළ බව කී ඒ මහතා තම ස්ථාවරය හැරුණුවිට වෙනත් කිසිඳු කැබිනට් අමාත්‍ය ධුරයක් තමා බාරනොගන්නා බව ප්‍රකාශ කළේය. ආරක්ෂක අංශ සිදු කළ මෙහෙයුම්වලදී යුද හමුදා නිල ඇඳුම් හමුවීම පිළිබඳව බුද්ධි අංශ විසින් සොයා බැලිය යුතු බවත් ඒවා ත්‍රස්ත ක්‍රියා සඳහා භාවිත කරයි නම් එය බරපතළ තත්ත්වයක් බවත් ඔහු පෙන්වා දුන්නේය. සමහර දේශපාලඥයන්ට ආරක්ෂාව පිලිබඳව අවබෝධයක් නැති බවත් ආරක්ෂාව පිළිබඳ අවබෝධයක් ඔවුන් තුළ පිහිටා නැති බවත් ඒ මහතා ප්‍රකාශ කරයි. පාසල් දරුවන් සම්බන්ධව පසුගිය යුධ සමයේ පැවති තත්ත්වයට තවමත් ආරක්ෂක ජාලය ක්‍රියාත්මක වීමක් දැකිය නොහැකි බවත් කෙසේ වුවද පාසල් වෙත අධික ආරක්ෂාවක් යොමුකළ යුතු බවත් සරත් ෆොන්සේකා මහතා පෙන්වා දෙයි. Post Views: 675 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print