ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

සතියකට පසු ඇඳිරි නීතිය ඉවතට.

අද (28) රාත්‍රියේ දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නීතිය පැනවීමක් සිදු නොකෙරෙන බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.
කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් ඉස්ලාම් අන්තවාදී සංවිධානයක් විසින් බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කෙරෙණු අප්‍රේල් 21 වනදා සිට සෑම දිනකම රාත්‍රී කාලය තුළ මුළු දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නීතිය පැනවිණි. ඒ අනුව ශ්‍රී ලංකාවට ඇඳිරි නීතිය නොමැති රාත්‍රියක් උදාවී ඇත්තේ සතියකට පසුය.
එහෙත් අද පස්වරු 5.00 සිට නැවත දැනුම් දෙනතුරු සමන්තුරෙයි, කල්මුණේ සහ චවලකඩේ යන පොලිස් බලප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.