ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අත්‍යවශ්‍ය සැකකරු ලැයිස්තුවේ සිටි ෆාතිමාත් පොලිස් අත්අඩංගුවට

පොලිසිය මගින් ප්‍රසිද්ධ කළ අත්‍යවශ්‍ය සැකකරු ලැයිස්තුවේ සිටි සැකකාරියකවූ මාවනැල්ලේ බුදු පිළිම කැඩු සැකකරුගේ බිරිඳ වන 24 හැවිරිදි ෆාතිමා ලතීෆා නැමැති කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත. ඒ ඇගේ දෙමාපියන් විසින් පොලිසියට ලබාදුන් තොරතුරකට අනූවය.

මාවනැල්ලේ මුරුතවෙල ප‍්‍රදේශයේ නිවසක සිටියදි පොලිසිය හා විශේෂ කාර්ය බලකා සෙබළුන් එක්ව අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වනවිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බව පොලිසිය පවසයි.

මාවනැල්ල පොලිස් බල ප‍්‍රදේශයේ රන්දිවෙල හා මහත්තේගම බුද්ධ ප‍්‍රතිමා දෙකකට හානි කිරිමේ සිද්ධියක් මුලින්ම වාර්තා වුයේ 2018 දෙසැම්බර් 24 වැනි දින අලූයමයි.

බුද්ධ ප‍්‍රතිමාවට හානි සිදු කරමින් සිටි පුද්ගයන් දෙදෙනෙක් අල්ලා ගත් අතර ඉන් එක් අයෙක් පළාගිය බව වාර්තා වී තිබිණි. අත්අඩංගුවට පත් වු කාන්තාව දිලූලවත්ත බුදු පිළිම කඩද්දි පැන දිව ගිය ප‍්‍රධාන සැකකරුගේ බිරිඳයි.

මෙම ප‍්‍රධාන සැකකරු 30 හැවිරිදි මොහොමඞ් ඊබ‍්‍රහීම් සාදික් අබ්දුල්ලායි. අත්අඩංගුවට පත් කාන්තාව ද මෙම සිදු විමෙන් පසුව ප‍්‍රදේශය අත හැර පලා ගොස් තිබුණි.
බුදු පිළිම කැඩිමේ සිද්ධියට සම්බන්ධයෙන් මෙ වන විට 15 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් සියලූ දෙනා අවුරුදු 20 ත් 30 අතර තරුණයන්ය.

කෙසේ හෝ සිද්ධියෙන් පසුව මාස 05 කට ආසන්න කාලයක් සැගව සිටි ප‍්‍රධාන සැකකරුගේ බිරිඳ 26 වැනි දින පස්වරු 1 ට පමණ මෙසේ අත්අඩංගුවට පත් විය. ඇය අත්අඩංගුවට පත් වි ඇත්තේ අදාල කාන්තාවගේ දෙමාපියන් විසින් ඇය නැවත නිවසට භාර ගැනිම ප‍්‍රතික්ෂප කරන ලද පසුබිමක් යටතේය.

පසුව මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් මාවනැල්ල නිවසේ අදාල සැකකාර කාන්තාවගේ දෙමාපියන් විසින් දුරකථන ඇමතුමකින් දැනුවත් කර තිබුණි.

මේ අතර මාවනැල්ල ප‍්‍රදේශයේ බුදු පිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුවන් ‌වුණ 27 හැවිරිදි මොහොමඞ් ඊබ‍්‍රාහීම් සහීඞ් සහ ෆාතිමාගේ සැමියා වන 30 හැවිරිදි මොහොමඞ් ඊබ‍්‍රාහීම් සාදික් යන සහෝදරයින් දෙදෙනා ගම්පොළ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන්ගේ පියා රෂීඞ් මොහොමඞ් ඊබ‍්‍රායීම් නම් මවුලවිවරයෙකු වන අතර ඔහු ද මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටියි.

පාස්කු ඉරුදින ස්ථාන කිහිපයකට එල්ල වු ත‍්‍රස්ත ප‍්‍රහාරයටද බුදු පිළිම කැඩු සැකකරුවන්ගේ සම්බන්ධතා ඇති බව මෙ වන විට ආරක්ෂක අංශ විසින් සොයා ගෙන ඇත.