NewsSlider බෝම්බ ප්‍රහාරවලට සම්බන්ද දෙදෙනෙක් නාවලපිටියේදී අත්අඩංගුවට April 28, 2019 Kamal Dhammika ත්‍රස්තවාදීන් විසින් පාස්කු ඉරිදා එල්ල කළ බෝම්බ ප්‍රහාරවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනකු අද (28) අලුයම අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය කියයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල්හක් සහ මොහොමඩ් ඉවුහයිම් ශාහිඩ් අබ්දුල්හක් යන පුද්ගලයින් බව නාවලපිටිය පොලිසිය පවසයි. අදාළ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මෙම සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට නියමත බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි. Post Views: 334 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print