ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

බෝම්බ පිපිරිම් වලින් සිදු වු මරණ අතර විදේශිකයින්ගේ මළ සිරුරු 25 ක්

කොළඹ කිංස්බරි හෝටලය, ෂැන්ග්‍රිලා හෝටලය සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ  අද දින සිදු  වු බෝම්බ පිපිරිම් වලින්  සිදු වු මරණ අතර විදේශිකයින්ගේ  මළ සිරුරු 25 ක්  මේ වන විට කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර  ඇතැයිද  වාර්තා වේ.

විදේශ  කටයුතු ලේකම් රවිනාත ආරියසිංහ මහතා ද  මේ වන විට තුවාල ලැබු විදේශිකයින්ගේ සුව දුක් බැලීම සඳහා කොළඹ ජාතික රෝහලට පැමිණ තිබේ.

කොළඹ ෂැංගිලා හෝටලයේ ඇති මළ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මේ වන විට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා එම ස්ථානයට පැමිණ පැමිණ තිබේ.

හෝටලේ අවන්හලේ වහළය මත මළ සිරුර දෙකක් ඇති අතර තවත් මළ සිරුරු දෙකක් ඒ ආසන්නයේ ඇති බවද වාර්තා වේ.