ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

කැඩුම් බිඳුම් වෙදකමේ ඉසිවරයා මරදන්කඩවල ‘වෑල්ඩින් වෙදමහතා’ දැයෙන් සමුගනියි

මරදන්කඩවල වෑල්ඩින් වෙදමහතා ලෙස ප්‍රසිද්ධියට පත් ව සිටි දේශිය කැඩුම් බිඳුම් වෛද්‍ය සිලම්භුරාළගේ මුදලිහාමි මුතුබණ්ඩා මහතා අභාවප්‍රාප්තවී ඇත. ඔහු මිය යන විට 77 වන වියේ පසුවිය. ඔහු රට පුරා ජනතාව අතර ප්‍රසිද්ධියට පත්ව සිටියේ අස්ථි පැලුම් සහ පිපිරීම් පැය කිහිපයක කාලයක් තුල යළි ප්‍රකෘත්ති තත්වයට පත් කිරීමට හැකි වන ප්‍රතිකාර කිරීම හේතුවෙන්.

රොබට් නොක්ස් එදා හෙළදිව ගන්ත්‍රයෙන් පවසා ඇති පරිදි බත් මුට්ටියක් ඉදෙනා කාලයක් තුල බිදුණු අස්ථියක් සුව කිරීමට ඇති හැකියාවේ නූතන සාක්ෂිය බවට පත්ව සිටියේ මරදන්කඩවල වෑල්ඩින් වෙදමහතායි.