මහින්ද අතහැරදමා ජනපති සිරිසේන අයවැයට පක්ෂවේ – පොහොට්ටුවේ මන්ත්‍රීන් ප්‍රහාරය අරඹයි..!
අප්‍රේල් මස 05 වැනිදා පැවැත්වෙන අයවැය අවසන් වර ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව දෙන ලණු කන්නෙ නැතුව ඊට විරුද්ධ නොවිය යුතු බවත් එසේම ඡන්දය දීමෙන් වැළකී සිටිය යුතු බවත් ජනාධිපති සිරිසේන මහතා ප්‍රකාශ කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. තමන්ගේ අමාත්‍යාංශය තුනකද වැය ශීර්ෂ අයවැය තුළ අඩංගු බැවින් ඊට විරුද්ධවීමට හැකියාවක් නොමැති බව ජනාධිපතිවරයාගේ ස්ථාවරය බවත් දැනගන්නට ඇත.
වාර්තා වන ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හා ආසන සංවිධායකයන් ඊයේ (02) ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී ඔහු මේ බව ඔවුන්ට සඳහන් කළ කර ඇත. කෙසේ වෙතත් මෙම අවස්ථාවේ ශ්‍රීලනිප ය නියෝජනය කරන සුළු මන්ත්‍රී පිරිසක් ජනාධිපතිවරයාගේ ස්ථාවරය සම්බන්ධව එකඟතාව පළකර නොමැති බවද වාර්තා වේ. මේ අතර ජනාධිපතිගේ ස්ථාවරය ඊයේ රාත්‍රියේම මහින්ද රාජපක්ෂ පාර්ශවයට දන්වන්නට ද ඔවුන් කටයුතු කර ඇති බවද වාර්තාවේ.
මේ අතර මෙම තීරණය සැලවීමත් සමග කුපිතවු පොහොට්ටුවේ ඇතැම් මන්ත්‍රීවරු ජනපති සිරිසේන ප්රමුඛ ශ්‍රිලනිපයට පහරදීමට පටන්ගෙන ඇත. ජනාධිපතිවරයා මෙන්ම ශ්‍රිලනිපයේ මන්ත්‍රිවරු ඉලක්ක කර ප්‍රබල ප්‍රහාරයක් දියත්කර යුතුබව ඔවුන්ගේ මතයවී තිබේ.