ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහා සංඝරත්නයට ‘පර බල්ලා’ යැයි බැනවදී – දර්ශන සහිතයි
ගම්පොළ සිට උලපනේ දක්වා දිවෙන අතුරු මාර්ගයේ, මරියාවත්ත හන්දියේ සිට මාර්ග කොටස පිළිසකර නොකිරීමට විරෝධය පළ කරමින් ගම්වාසීන් අද(03) පෙරවරුවේ විරෝධතාවක නිරත විය. එම අවස්ථාවට මහා සංඝරත්නය ද වැඩම කර සිටියහ. විරෝධතාව අතරවාරයේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගත්තේ ය.
මාර්ගය ඉතා ඉක්මනින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ද හිමි නම අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි අතර, එහිදී සියලු දෙනාට ඇසෙන ලෙස අමාත්‍යවරයා විසින් දුරකථනයෙන් හිමිනමට පරුෂ වචනයෙන් බැන වැඳුණි. ‘නිකන් පලයන් යකෝ යන්න.. පර බල්ලා…’ යනුවෙන් රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා බනින අයුුරු එම ස්ථානයේ සිටි සැමට පැහැදිලිව ඇසෙන්නට විය.
එම අවස්ථාවට එක්ව සිටි සෙසු භික්ෂුන් වහන්සේ මෙම ක්‍රියාවට කෝප ගැන්වී කථා කරනු දක්නට ලැබුණි.