ForeignSlidervariety සෞදි කතුන් 70,000 වඩා රියදුරු බලපත්ර අරන් March 22, 2019 Kamal Dhammika සෞදි කාන්තාවන් 70,000කට වඩා රියදුරු බලපත්ර ලබාගෙන ඇති බවටසෞදි මෝටර් රථ අධිකාරිය නිවේදනය කර ඇත. කාන්තාවන්ට රියදුරු බලපත්ර ලබාගැනීමට පනවා තිබු තහනම ඉවත් කරන ලෙස සෞදි රජු 2018 ජුනි මාසයේ නියෝග කිරීමෙන් පසු විශාල කාන්තාවන් ප්රමාණයක් මේවනවිට රියදුරු බලපත්ර ලබාගෙන ඇත. සෞදි කාන්තාවන් විනයානුකූලව මෝටර් රථ ධාවනය කරන බවත් මහජන ආරක්ෂාවට සහ නීතිරීති උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ වී නොමැති බව සෞදි රථවාහන අධ්යක්ෂ ජනරාල්, මොහොමඩ් අල්-බාසාමි ප්රකාශ කළේ ය. කාන්තාවන්ට රියදුරු බලපත්ර ලබාගැනීම සඳහා කාන්තා රියදුරු පාසල් 65ක් පිහිටුවා ඇති බව අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ප්රකාශ කළේ ය. ජානක ප්රියදර්ශන ජයතිලක (ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර) Post Views: 544 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print