ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අර්ජුන මහේන්ද්‍රන් ගැන සිංගප්පුරු වාර්තා බොරු..! මෛත්‍රී සිංගප්පුරුවට හැරෙන තැපෑලෙන් පිලිතුරු දෙයි.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධයෙන් සිංගප්පුරු මාධ්‍ය වාර්ථාවක් උපුටා දක්වමින් මෙරට මාධ්‍යවල පළවී තිබු ප්‍රකාශ කිසිසේත් සිංගප්පූරු රජයේ නිල ප්‍රකාශ වශයෙන් පිළිගත නොහැකි බව ජනපති මෛත්‍රිපාල සිරිසේන පවසයි. ජනාධිපතිවරයා වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ සිංගප්පුරු විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සිදු කළ බවට එරට මාධ්‍ය පළ කර තිබු වාර්තාව උපුටා දක්වමින් මෙරට මාධ්‍ය පළ කර ඇති වාර්තා අසත්‍ය බවයි.

ජනාධිපති සිරිසේනගේ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට උදර්පනය කර ගැනීමේ ඉල්ලීමට අදාළ කටයුතු ප්‍රමාද වී ඇත්තේ ඒ සඳහා අවශ්‍ය තොරතුරු ලබා දීමට ශ්‍රී ලංකා බලධාරීන් කටයුතු නොකීරීම බව විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිංගප්පුරු විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබුණි. කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය පිළිබඳ සිංගප්පුරු රජය විසින් කිසිදු නිල ප්‍රකාශයක් මෙරට බලධාරීන් වෙත ලබා දී නොමැති බවයි.

එමෙන්ම අර්ජුන මහේන්ද්‍රන් මෙරටට උදර්පනය කරන ලෙස ශ්‍රී ලංකා රජය විසින් පසුගිය වසරේ මැයි මස 28 වන දින රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් නිල ඉල්ලීමක් සිදු කළ බව අදාල නිවේදනයේ දැක්වෙයි. ඒ අනුව මේ වනවිට එම ඉල්ලීම සිංගප්පුරු නීතිපතිවරයාගේ අවදානයට යොමු වී ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙරට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු අදාළ අංශ වෙත දන්වා ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපතිවරයාගේ සිංගප්පුරු නිල සංචාරයේදී අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට උදර්පනය කරන ලෙස සිංගප්පුරු අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් සිදු කර ඇති අතර එම ඉල්ලීම සිදු කරඇත්තේ ජාත්‍යන්තර පොලීසිය විසින් නිකුත් කර ඇති රතු වරෙන්තුව පදනම් කර ගෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙයි.