විදේශ රැකියාවල නියුතු අයට IDD ගාස්තු අඩුකර අයවැයෙන් දුන් සහනය ජනපති නියමයෙන් ඉවතට.
මෙවර අයවැයෙන් ඉවත් කරන ලද විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින්ට ලබාගන්නා ජාත්‍යන්තර දුරකතන ඇමතුම් මත අය කරන විදුලි සංදේශ ගාස්තුව නැවත පනවන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) කැබිනට් රැස්වීමේදී මංගල සමරවීර මහතාට දැනුම් දී ඇතැයි වාර්තාවේ.
ජාත්‍යන්තර දුරකතන ඇමතුම් මත අය කරන විදුලි සංදේශ ගාස්තුව ඉවත් කිරීමෙන් රජයට රුපියල් කෝටි 600ක පමණ වාර්ශික ආදායමක් අහිමිවන බව පවසා ඇති ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත. එබැවින් මේ පිළිබඳව යළි සලකා බලා එම ගාස්තුව නැවත අය කර ගැනීමට කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි වාර්තාවේ.
විදේශගත ශ්‍රමිකයින්ගේ පවුල්වලට ඥාතීන්ට ලබාදෙන සහනයක් ලෙස ජාත්‍යන්තර දුරකතන ඇමතුම් මත අය කරන විදුලි සංදේශ ගාස්තුව ඉවත් කිරීමට මෙවර අය වැයෙන් පියවර ගෙන තිබුණද මෙම තත්වය තුල එම අවස්තාව විදේශ රැකියාවල නියුතු අයගේ පවුල් වලට අහිමිවී යයි.