ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අයවැය සම්මතකරගත් මංගල ඉන්ධන මිල අද මැදියම් රෑ සිට ඉහළ දමයි.

මාසිකව සිදුවන මිල සංශෝධනයට අනුව අද (12) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේ පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් 3කින් ද ඩීසල් ලීටරයක් රුපියලකින් ද ඉහළ දමා ඇති බවයි.

ඒ අනුව ඔක්ටේන් (92) වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3කින් ද ඔක්ටේන් (95) වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 7කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 1කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 08 කින් ඉහළ දමා ඇත.

නවතම මිල ගණන් අනුව ඔක්ටේන් (92) වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 132ක් සහ ඔක්ටේන් (95) වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 159ක් වේ. ඔටෝ ඩිසල් ලීටරයක නවතම මිල රුපියල් 104ක් වන අතර සුපිරි ඩිසල් ලීටරයක මිල රුපියල් 134ක් ලෙස ඉහළ ගොස් තිබේ.