තරුණ සහ ශිෂ්‍ය උළෙල වෙනුවෙන් ශ්‍රී ලාංකික දේශපාලඥයින් 5 දෙනෙකුට රුසියාවෙන් සම්මාන
පසුගිය වසරේ රුසියාවේ පැවති ජාත්‍යන්තර තරුණ සහ ශිෂ්‍ය උත්සවයේ සංවිධාන කටයුතුවලට සහාය දැක්වූ ශ්‍රී ලාංකික තරුණ දේශපාලනඥයන් පස් දෙනෙකුට රුසියානු රජයෙන් සම්මාන ප්‍රදානයක් කොළඹ පිහිටි රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී අද (11) සිදු කෙරේ.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමයේ පුබුදු සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා, දකුණු පළාත් සභා මන්ත්‍රී වීරසුමන වීරසිංහ යන අය මෙහිදී සම්මාන ලබති.
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යුරී මතේරි මහතා අතින් මෙම සම්මාන ප්‍රදානය කෙරෙන අතර මෙම සම්මානයට අමතරව රුසියානු රජයෙන් ඩිප්ලෝමාවක් ද මෙම පිරිසට ප්‍රදානය කිරීමට නියමිතය.