NewsSlider තංගල්ලේ ‘අලි’ ඇනකොටා ගනී March 11, 2019 Kamal Dhammika ගම්පෙරළිය වැඩසටහන යටතේ ඉදිකිරීමට යෝජිත ග්‍රාමීය මාර්ගයක් සම්බන්ධව වූ කථාබහක් දුර දිග යාමෙන් තංගල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් එම පක්ෂයේම ක්‍රියාකාරිකයෙකුට අද (11) පෙරවරුවේදී පහර දී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි වීරකැටිය පොලීසිය පවසයි. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ විතාරන්දෙනියේ පදිංචිව සිටින නන්දන සිරිවර්ධන යන අය බවත් ඔහු මේ වන විට තංගල්ල මූලික රෝහලේ ප්‍රථිකාර ලබන බවත් පොලීසිය සඳහන් කරයි. මීට පෙරදී වීරකැටිය කාල්ටන් පෙර පාසලේ ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරියෙකුට ඔහු ගේ නිවස ආසන්නයේදී පහරදීමේ සිද්ධියකට ද මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට එරෙහිව වලස්මුල්ල අධිකරනයේ නඩුවක් විභාග වෙමින් පවතී. චෝදනාවට ලක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අත් අඩංගුවට ගැනීම සදහා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මේ වනවිට පිටත් කොට ඇති බව වීරකැටිය පොලීසිය පැවසීය. Post Views: 740 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print