ෆේස්බුක් නිර්මාතෘ සකර්බර්ග්ගේ වාර්තා බිඳ හෙළූ ලොව ළාබාලතම බිලියනපති කයිලී ජෙනර්
තනිව ගොඩ නැගුණු ලොව ලාබාලතම කෝටිපතිනිය ලෙස ඇමෙරිකානු ජනප්‍රිය රංගන ශිල්පිනියක වන කයිලී ජෙනර් නම් කර තිබේ. ජනප්‍රිය රංගන ශිල්පිනී කිම් කාඩේෂියන් පවුලේ ලාබාලතමයා වන ඇය මෙතරම් ධනවත් වූයේ, රූපලාවණ්‍ය ව්‍යාපාරය නිසාය. ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් කෝටිපතියන්ගේ ලැයිස්තුවට එක් වන විට 23 හැවිරිදි වියේ පසුවූ අතර කයිලී එම තත්ත්වයට පත් වූයේ, 21 වන වියේදීය.
ලොව ළාබාලතම බිලියනපතිය, 21 ක් හැවිරිදි කයිලී ජෙනර් බවත්, කයිලී බිලියනපතියක් බවට පත් වී සිටින්නේ ඇය විසින් ආරම්භ කළ සුවඳ විලවුන් සහ ආලේපන සමාගම හරහා යැයි ද පැවැසෙයි.
21 හැවිරිදි කයිලී ජෙනර්ට අයත් කයිලී කොස්මෙටික්ස් සමාගම පසුගිය වසරේ ලැබූ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 360ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ. ඇය සතු සමස්ත වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවයි.
“මම කිසි දෙයක් බලාපොරොත්තු වුණේ නහැ. මම අනාගතය කලින් සැලසුම් කළේ නැහැ. කොහොම වුණත් මේ ලැබුණු තත්ත්වය ගොඩක් හොඳයි. අනික් අතට ඒක මට ලොකු අවස්ථාවක්,” කයිලී ජෙනර් ෆෝබ්ස් සඟරාවට පැවසීය.

වත්කම් පහළ ගිය පුද්ගලයින් අතර ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් ද වේ. ඔහුගේ සමස්ත වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 62.3ක් වන අතර එය පසුගිය වසරට සාපේක්ෂව බිලියන 8.7ක පහළ යාමකි.

