කාර්යාල දුම්රියන් තුල මාර්තු 8 සිට කාන්තාවන්ට වෙනම දුම්රිය මැදිරියක්
මාර්තු අට වැනිදාට යෙදී තිබෙන කාන්තා දිනය වෙනුවෙන් කාර්යාල දුම්රියවල කාන්තාවන් සඳහා වෙනම දුම්රිය මැදිරි වෙන් කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍ය අධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි. කාන්තාවන් සඳහා වෙනම මැදිරි ක්‍රමය ලංකාවේ වසර ගණනකට පෙර ක්‍රියාත්මකව පැවතුන බවත් පසු කාලීනව එය අඩාල වූ බවද ඒ මහතා කීය.
දියුණු රටවල මෙම ක්‍රමවේදය සාර්ථකව ක්‍රියාත්මක වන බව සඳහන් කළ ඒ මහතා කාර්යාල දුම්රියවල පවතින අධික තදබදය හේතුවෙන් ඒවායේ ගමන් කරන කාන්තාවන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයි කියන අපහසුතා සහ අතවරද නව මැදිරි ක්‍රමයෙන් වැළකෙනු ඇති බවද පැවසීය.
මේ අනුව කාර්යාල දුම්රියන් වන බංගදෙනිය,සාගරිකා,සමුද්‍රදේවී, රඹුක්කන,මහව,පව්සි යන දුම්රියන්හී තුන්වන පංතියෙන් එක මැදිරිය බැගින් වෙන් කරන බව ඒ මහතා පැවසීය.
මහව කාර්යාල දුම්රියේ තුන්වන පංතියේ මැදිරියක් කාන්තාවන්ට වෙන් කිරීමේ කාර්ය අද දෙමටගොඩ ජල ශක්ති ධාවනාගාරයේදී එහි ප්‍රධාන අධික්ෂණ කළමනාකරු සනත් තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරිණි.