ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සදහා ජවිපෙ නායකයින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හමුවෙයි.

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සම්බන්දයෙන් වන  විශේෂ සාකච්ඡාවක් සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර දිසානායක මහතා ප්‍රමුඛ පිරිසක් මේ වන විට කොළඹ මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයට පැමිණ ඇති බව වාර්තාවේ.

ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය ලබා ගැනීමට මෙම සාකච්ඡාව පැවැත්වෙන බව එම පක්ෂය පවසයි.

ජවිපෙ නායක අනුර දිසානායක මහතා සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන් වන සුනිල් හදුන්නෙත්ති, විජිත හේරත් යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටින අතර මහින්ද රාජපක්ෂ මහතා සමග දිනේෂ් ගුණවර්ධන සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරු එක්ව සිටී.