NewsSlider තරුණයන් 11ක් පැහැරගෙන ඝාතනය කල කරන්නාගොඩ ඇතුළු සැකකරුවන්ට නඩු පවරනවා – නීතිපති March 6, 2019 Kamal Dhammika මහින්ද රාජපක්ෂ පාලන සමයේදී තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු නාවික හමුදාවේ සියලුම සැකකරුවන්ට අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 296 වැනි වගන්තිය යටතේ නඩු පැවරීමට දැනටමත් නීතිපතිවරයා තීරණය කර ඇතැයි රහස් පොලිසිය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ ජනක බණ්ඩාර විසින් මේ පිළිබඳ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානයක මහතාට දැනුම් දුන්නේය. රහස් පොලිසිය එලෙස දැනුම් දුන්නේ තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය. සැකකාර සම්පත් මුණසිංහට ඇප ලබා දෙන ලෙස ඔහුගේ නීතීඥවරුන් ඉල්ලා සිටි අවස්ථාවේ ඊට විරෝධය පළ කරමින් රහස් පොලිසියේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා දැනුම් දුන්නේ සම්පත් මුණසිංහ, කරන්නාගොඩ ඇතුළු සියලු සැකකරුවන්ට මහාධිකරණයේ නඩු පැවරීමට නියමිත බවයි. Post Views: 506 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print