රත්ගම තරුණයන් දෙදෙනා පැහැරගෙන ඝාතනය කලේ පොලීසිය – පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට.
ගාල්ල බූස්ස රත්නඋදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි සැකපිට දකුණු පළාත භාර ජ්‍යෙෂඨ නියෝජ්‍ය පොලිස්පති යටතේ ක්‍රියාත්මත වූ පොලිස් විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයකු ඊයේ (18) අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන ඒකකයෙන් එම පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කපිල නිශාන්ත නම් පොලිස් පරීක්ෂකවරවෙකි.
ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අතුරුදන් විමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු දකුණු පළාත් විශේෂ ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා මහතාව අද (19) රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
බූස්ස රත්නඋදාගම ගම්මානයේ පදිංචි 33 හැවිරිදි මංජුල අසේල හා 31 හැවිරිදි රසේන් වින්තක නම් ව්‍යාපාරිකයින් දෙදෙනෙක් පසුගිය ජනවාරි 23 වැනිදා පෙරවරු 10ට පමණ මෝටර් රථයකින් හා වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් රැගෙන ගොස් තිබුණි.
නිවැසියන් පවසන්නේ පොලිස් නිල ඇඳුමින් සැරසි පිරිසක් මෙලෙස ඔවුන්ව රැගෙන ගිය බවයි. ඒ රසේන් චින්තක, මංජුල අසේලගේ නිවසට පැමිණ සිටි අවස්ථාවකදීය.
පැහැර ගැණුනු පුද්ගලයින්ගේ ඥාතීන්ට පසුගිය 6 වැනිදා ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් ලැබී තිබූ අතර, එහි සඳහන්ව ඇත්තේ නූපේ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් ඔවුන් පැහැර ගොස් පහර දී ඇති අතර එහිදී ඔවුන් ඝාතනයට ලක්ව ඇති බවයි.